MENU

Where the world comes to study the Bible

යාඤාවේ රිද්මය

Related Media

හැඳින්වීම

රිද්මය අපේ ජීවිත වලට අර්ථ දෙයි. අප ඇතිකරගන්නා පුරුදු අපේ එදිනෙදා ජීවිතයේ පැවැත්මෙන් පුනරාවර්ථනය කරන රටාවන්, අපේ තීරණ වලට මගපෙන්වමින් අපේ උද්ද්‍යෝග පෝෂණය කරනු ලබනවා. අපේ ජීවිතයේ රිද්ම: කල් ඇතිව නොදකින ඛේදවාචක හා අපේ ඉහළම ප්‍රීති අවස්ථා සාමාන්‍යයට ගෙන එයි. මෙය අපේ භෞතික හා චිත්තවේගී ජීවිත වල සත්‍යයයි. අපේ ආත්මිකත්වයේද සත්‍යයයි. අප මවා ඇත්තේ යාඤාවේ රිද්මය මගින් නැවුම් හා ශක්තිමත් වන අපේ මැවුම්කරු සමග ප්‍රේමණීය සම්බන්ධතාවයක පැවතීමටයි.

යාඤාවේ රිද්මය යනුවෙන් අප අදහස් කරන්නේ යාඤාව සඳහා දවසේ නිතිපතා නියම කරගත් වේලාවන්ටය. උදය සහ රාත්‍රිය යාඤාවට කැඳවන බව ගීතාවලියෙහි සඳහන් වනවා:

උදෑසන, ස්වාමීන්වහන්ස, ඔබ මගේ කටහඬ අසන සේක; උදෑසන මගේ ඉල්ලීම ඔබ ඉදිරියේ තබා බලාපොරොත්තුවෙන් බලාසිටිමි. (ගීතාවලිය 5:3)

මගේ යහන මත මම ඔබ සිහිකරමි; රාත්‍රී කාලයේ රැකවල් තුලින් මම ඔබ කල්පනා කරමි. (ගීතාවලිය 63:6)

යාඤාවේ රිද්මයට පොහොසත් ආත්මික ඉතිහාසයක් ඇත. නියම කරගත් යාඤා පැය..

කිතුදහමට එය පැමිණි යුවේවාදයේ සම්භවය ඇත. නාසරිය යේසුස්වහන්සේගේ උපතට සියවස් ගණනකට පෙර, හෙබ්‍රෙව් වරයෙක්වු ගීතිකාකාරයා දිනකට සත්වරක් මම ඔබට ප්‍රසංසා කරමි. (ගීතාවලිය 119:164)” ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ දෙවියන්වහන්සේගේ මිනිස්සු, යුදෙව්වන් හා එවකට සිටි කිතුණුවන් සඳහා ඔවුන් යාඤාවට කැඳවන සීනු නාදයකට ප්‍රතිචාර දැක්වීමට තිබුනා.1 යේසුස්වහන්සේ පොළොවේ සිටින විට, යාඤා රිද්මයක් අනුගමනය කළ බව ශුද්ධ ලියවිලි අපට උගන්වනවා. උන්වහන්සේ බොහෝ විට යාඤා කිරීමට පාන්දර අවදි වෙනවා.

තවමත් අඳුර පවතින පාන්දර උන්වහන්සේ අවදිව නිවසින් පිටත්ව, යාඤා කරන හුදෙකලා ස්ථානයකට ගිය සේක.(මාර්ක් 1:35)

නමුත් යේසුස්වහන්සේ බෙහෝවිට බොහෝවිට වනාන්තර ස්ථාන වලට අහක්ව ගොස් යාඤා කළ සේක. (ලුක් 5:16)

සෙනග විසිර ගියවිට උන් තනිවම යාඤා කරන පිණිස කන්දට නැගුන සේක. රාත්‍රිය තනිවම එහි නැවතී සිටි සේක. (මතෙව් 14:23) පණිවිඩය)

මුල් සභාව දුටු ලෙස පරණ ගිවිසුමේ සාන්තුවරයින්ගේ ජීවිත හා ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ගේ ජීවිත, දිනපතා යාඤාවේ රිද්මය හා සම්බන්ධව එම පුරුද්දම පැවතුන බව පෙනන්නට තිබෙනවා.. දෙවන තෙවන ශත වර්ෂ වල කිතුණු සභාවේ පියවරුන් - Clement (c 150-215 A.D.), Origen (c. 185-254 A.D.), Tertullian (c.160-225 A.D.), ආදීන්: උදෑසන හා රාත්‍රී කාලයේ යාඤා පැවැත්වීම මෙන්ම “කෙටිකාල” යාඤාද ප්‍රාමාණික ලෙස උපකල්පන කළෝය.2 කතෝලික(අපරදිග) හා සත්‍යලබ්ධික(පෙරදිග) සභාවන්හි සහභාගිකම ක්‍රි.ව. 1000දී පමණ කඩා වැටී ඒ දෙකම “දිනපතා නිල හෙවත් “දිනපතා යාඤාපැය” පුරුද්ද දිගටම පවත්වනු ලැබේ. මේ ආකාරයෙන් යුරෝපයේ ප්‍රතිසංස්කරණ අතුගෑ ලෙසම, ඇංග්ලිකන්වරු පොදු යාඤා පොත සම්පාදනය කළේය(දිනපතා,/මාස්පතා,/අවුරුදු පතා යාඤා රිද්ම මගපෙන්වීම).

සභා ඉතිහාසය පුරා යාඤා වල වචන භාවිතය වෙනස්වුවත්, යාඤා රිද්මය වර්ධනය වන ඇදහිලිවතුන් සඳහා නිරන්තර ආත්මික අවශ්‍යතාවක් ලෙස පැවතුනා.

යාඤා රිද්මයකට ඇති බයිබලීය හා ‍ඉතිහාසමය කැඳවීම දැනගෙන, මෙම ඉදිරියට යන පුරුද්දට එක්වන්‍ෙ කෙසේදැයි අපට අසන්නට පුළුවන. ලේඛකයා තෝරාගැනීම් කීපයක් මෙහි පහත ඇතුලත් කරයි.

ගීතාවලිය

ගීතාවලිය ලියා ඇත්තේ යාඤාවන් හැටියටය. දෙවියන්වහන්සේගේ මිනිසුන් වසර දහස් ගණනක් මෙම යාඤාවන් ඔවුන්ගේ එදිනෙදා අත්දැකීම් තුල මගපෙන්වීම හා උපකාර සෙවීමේදී මෙම යාඤාවන් කර ඇත.3 මාසිකව හා වාර්ෂිකව උදේ සවස ගීතාවලිය තුලින් යාඤා කිරීම ජීවිතයේ පොදු අභියෝග,ඒවායේ ප්‍රීතිය හා ශෝකය සහ අප ආදරයෙන් රැක බලාගන්නා දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම එළිදරව් කරන්නේය.

ස්වාමීන්ගේ යාඤාව

ගෝලයින් ඔවුන් යාඤා කළ යුත්තේ කෙසේදැයි අසන විට යේසුස්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය:

“ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා, ඔබගේ රාජ්‍යය ඒවා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද ඔබගේ කැමැත්ත කරනු ලැබේවා, අපගේ දවස්පතා භෝජනය අද අපට දුන මැනව. අපගේ ණයකාරයන්ට අප කමා කරන්නාක් මෙන් අපේ ණයටද කමා කළ මැනව, අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප ගළවා ගත මැනව.

(මතෙව් 6:13 හෝ නපුරෙන් ; පසු අත් පිටපත්වල නපුරාගෙන් කියාද ඇත./ ඔබගේ මක්නිසාද, රාජ්‍යයත් බලයත් සහිමයත් සදාකල් ඔබටම වේවා. ආමෙන්.) මතෙව් 6:9-13)

“The Didache, මුල්සභාවෛ් ප් රායෝගික උපදෙස් එකතුව ඇදහිලිවතුන්ට දිනකට තෙවරක් ස්වාමීන්ගේ යාඤාව කීමට උපදෙස් දෙයි.4

යේසුස්වහන්සේට කරන යාඤාව:

යේසුස්වහන්සේට යාඤාව, සභාව හඳුනාගන්නේ,දෙවියන්වහන්සේට සමීප වෙමින්, උන්වහන්සේ සමග ඒකත්වයට පැමිණ, අපට අපේ ආත්මික පරිනත භාවය ඇතිකර ගැනීමට උපකාර වන ඉතා වැදගත් යාඤා ආකාරයක් හැටියටය. අප ඉගෙනීමට අවශ්‍ය එකම යාඤාව එය බව සමහරු කියති. යාඤාව ඉතා සරලය. එය මෙසේ කියා ඇත: ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස්වහන්ස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, පව්කාරයෙක් වන මට කරුණා කළ මැනව, මෙම යාඤාව ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක කීමට පුළුවන. මෙම යාඤාව යටහත්ව කීමට අකුරු නොදන්නා කෙනෙකුට වුවද පුළුවන.

Metropolitan Anthony Bloom “ වෙනත් යාඤාවකට වඩා, යේසුස් යාඤාව, වෙනත් සිතිවිල්ලක් නැතිව, දෙවියන්වහන්සේගේ වැඩසිටීම තුල අපට සිටගැනීමට, හාස්කමට අපගෙන එයි.5

අපට යාඤාවේ රිද්මය සමග එක්වීමට සැලැස්මක් තිබිය විය හැකි මුත්, අපට යාඤාකිරීම එපා යයි දැනෙන වෙලාවල් තිබෙන්නට පුළුවන්. රිද්මයේ දිනචර්යාව වෙහෙසකර යයි දැනෙන වෙලාවල් තිබෙන්නට පුළුවන්. අපට රැකියාවට යාමට පෙර රැවුල කැපීම වාගේ දැනෙන්නේ නැහැ. තවත් කෑම වේලක් සැලසුම් කරනවා මෙන් දැනෙන්නේ නැහැ. නමුත් ඔබේ දැනීම් නොසලකා ඔබ අවදිවීමට තීරණය කරනවා. ඇඳ පැලඳගෙන රැකියාවට යනවා. ළමයින් පාසැලට ගෙන යනවා, වැඩ වලට එහෙ මෙහෙ යනවා. ඔබේ ජීවිතය ඒ ඒ දවස ඔබට නොදැනීම රිද්මයකට ගත වෙනවා. සමහරවිට ඔබට යාඤා කිරීම වාගේ දැනෙන්නේ නැහැ. දවස සඳහා යාඤාවන් ලැයිස්තු ගත කර ඇති යාඤා පොත නොවටිනා උපකාරකයක් වනවා ඇත.(අවසන් සටහන් හා පරිශිලන බලන්න) ඔබ කියවන විට යාඤාකිරීමට ඇති මද ආශාව ගැන ඔබට අවංකව දෙවියන්වහනසේට පාපොච්චාරණය කරන්න පුළුවන්. සමහරවිට යාඤාවේ රිද්මයක් තබා ගැනීම , හදවත වෙනස් කරන බව ඔබ සොයාගන්නවා ඇත. සමහරවිට ඔබට කිරීමට ඇති දේ පෙන්නුම් කර තිබෙනවා.6

අහෝ දෙවියන්වහන්ස, මට කීමට ඇති දේ ඔබට ඇසෙනවාද?
මට මේ උදැසන දැනෙන යම් දෙයක් ඔබට දැනෙනවාද?
අහෝ දෙවියන්වහන්ස, ඔබ ඔබේ දරුවන්ගේ ආත්මාර්ථකාමිත්වය මගින් ශෝකවී ඇති බව මා දන්නවා.
ඔබ මැවු ලෝකය කඩාවැටෙනවා මෙන් පෙනෙන්නට තිබෙනවා.
ඔබේ සත්වයෝ ඔවුන්ම තනියම ජීවත්වෙනවා.
ඔවුන් අහංකාරව ස්වයංපෝෂිතවෙලා.
තවත් ඔබ අවශ්‍ය නැතැයි ඔවුන් සිතනවා.
ස්වාමින්වහන්ස, මමත් දන්නවා, ඔබගේ සදාතනික ප්‍රේමයේ සහතිකයෙන් තොරව පවතින්නට බැරි බව.
එබැවින් මා තව සරයක් ඔබටත් ඔබේ අරමුණු වලටත් කැපවෙනවා.
මගේ ජීවිතය සඳහා ඔබගේ මාර්ගයෙහි හැසිරෙන්නට මට උපකාර කරනු මැනව.
මාර්ගයෙහි ඇති බොහෝ බාධක ජය ගන්නට අනුග්‍රහය මට දුන මැනව.

(ගීතාවලිය 51:1-8)7

අතිරේක පරිශීලන

Bounds, E. M., E.M. Bounds on Prayer .

Barton, Ruth Haley. Sacred Rhythms: Arranging Our Lives for Spiritual Transformation.


1 Phyllis Tickle, The Divine Hours (New York: Doubleday, 2000), x.

2 Tickle, xi.

3 Rueben P. Job and Norman Shawchuck, A Guide to Prayer for All God’s People (Nashville: Upper Room Books), 13.

4 Shane Claiborne, Jonathan Wilson-Hartgrove and Enuma Okoro, Common Prayer (Grand Rapids: Zondervan), 16.

5 http://www.orthodoxprayer.org

6 Claiborne, 20.

7 Leslie F. Brandt, Psalms/Now (St. Louis: Concordia Publishing House), 11.

Related Topics: Devotionals, Sanctification, Women's Articles

Report Inappropriate Ad