MENU

Where the world comes to study the Bible

කිතුණු ඇදහිල්ලේ මුලධර්ම-6 ශුද්ධාත්මයාණන්වහන්සේ

Related Media

ශුද්ධාත්මයාණන්වහන්සේ යනු කවුද? ශුද්ධ ලියවිලි තුල උන්වහන්සේ කර ඇත්තේ මොනවාද? උන්වහන්සේ අප උදෙසා කරන්නේ මොනවාද? උන්වහන්සේ ගැන වෙනස් දැක්මන් තිබෙනවා. සමහරු උන්වහන්සේ බලයක් නැතහොත් බලපෑමක් හැටියට සරලව අර්ථ දක්වනවා. 16වෙනි ශත වර්ෂයේ සෝසිනියන්වාදීන් විසින් “දෙවියන්වහන්සේගෙන් මනුෂ්‍යයා වෙතට ගලමින් ඇත්තාවු ගුණාංගයක් නැතහොත් ශක්තියක්” ලෙස අර්ථ දක්වනු ලැබුවා. නිදහස් මතධාරී දේවධර්ම ධරයින් හා ලබ්ධීන් දරණ දැක්ම මෙයයි. නමුත් ශුද්ධ ලියවිල්ල උන්වහන්සේ ගැන අපට උගන්වන්නේ මෙය නොවෙයි. මතක තබාගන්න, ත්‍රිත්වය ගැන අපගේ අධ්‍යයනය තුලදී අප ඉගෙනගත්තේ උන්වහන්සේ දේවත්වයෙහි පියාණන් හා පුත්‍රයාණන්ට සමානවන පුද්ගලයෙකු හැටියටය.

ශුද්ධාත්මයාණන්වහන්සේ පුද්ගලයෙක්ද?

අප පුද්ගලයෙකු ගැන සාමාන්‍යෙයන් සිතන්නේ ශරීරයක්ලෙසය. පුද්ගලයෙකුට ශරීරයක් තිබිය යුතුමද? මනුෂ්‍යයෙක් මිය යනවිට සිදුවන්නේ කුමක්ද? ශරීරය පමණක් මියයයි. නමුත් පුද්ගලයා සචේතනිකව ස්වර්ගයෙහි හෝ නිරයෙහි සදාකල් පවතී. පුද්ගලයෙකුගේ තිබිය යුතුම ලක්ෂණ මොනවාද? දේවල් තුනකි: බුද්ධිය, උද්වේග හා කැමැත්ත. ශුද්ධාත්මයාණන්වහන්සේ බලයක් හෝ බලපෑමක් හෝ දෙයක් පමණක් වුවා නම් උන්වහන්සේට මේ දෙවල් අයත් වන්නේ නැත. නමුත් ඒවා උන්වහන්සේට අයත්ය.

උන්වහන්සේට පුද්ගලයෙකුගේ ලක්ෂණ තිබෙනවා.

බුද්ධිය: උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දෙවල් දන්නා සේක(1කොරින්ති2:10-11). ආත්මයේ සිත(රෝම8:27).

උද්වේග: ආත්මය ශෝකවීම (එපීස4:30).

කැමැත්ත: ආත්මායාණන් “උන්වහන්සේගේ කැමැත්ත පරිදි” ආත්මික දීමනා දෙන සේක.(1කොරින්ති12:11).

උන්වහන්සේ පුද්ගයෙකු සේ ක්‍රියා කරයි

උන්වහන්සේ උගන්වයි ( යොහාන්14:26).

උන්වහන්සේ මැදිහත්වෙයි(රෝම8:26).

උන්වහන්සේ හාස්කම් කරයි(ක්‍රියා8:39).

උන්වහන්සේ මග පෙන්වයි (රෝම8:14).

උන්වහන්සේ පුද්ගලයෙකු ලෙස නම් කර ඇත

Pneuma යන වචනය නපුංසක ලිංගාර්ථ නමුත් භාවිතයේදී එය පුරුෂ ලිංගාර්ථයෙන් ප්‍රකාශ වේ (යොහාන්16:13-14).

ශුද්ධාත්මයණන් සම්පුර්ණ ලෙසම දෙවියන්වහන්සේද?

උන්වහන්සේගේ ගතිලක්ෂණ ඇත්තේ දෙවියන්වහන්සේට පමණය

පියාණන්වහන්සේ හා පුත්‍රයාණන්වහන්සේගේ දේවල් ශුද්ධාත්මයාණන්වහන්සේටද සත්‍යය.

උන්වහන්සේ ත්‍රිත්වයේ අනෙක් පුද්ගලයින් සමග සම තලයක සහභාගිත්වයක් දරයි

යාවේ පරණ ගිවිසුමෙහි යම් දෙයක් කී අතර, ශුද්ධාත්මයාණන්වහන්සේ අළුත් ගිවිසුමෙහි එය කියයි. ( යෙසායා 6:1-13 සහ ක්‍රියා28:25; යෙරමියා31:31-34 සහ හෙබ්‍රෙව්10:15-17).

බෞතීස්ම සුත්‍රය ( මතෙව්28:19)

පරණ ගිවිසුමෙහි ශුද්ධාත්මයාණගේ ක්‍රියා

මැවිල්ල තුල උන්වහන්සේගේ කොටස

උත්පත්ති1:2, යෝබ්33:4

පරණ ගිවිසුමෙහි එළිදරව්වේ උන්වහන්සේගේ කොටස

මනුෂ්‍යයින් ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවනු ලැබ දෙවියන්වහන්සේගෙන් කථා කළා. (2පේත්‍රැස්1:21).

මනුෂ්‍යයාට උන්වහන්සේගේගේ ඇති සම්බන්ධතාවය

තෝරාගත්තවුන් තුල වැඩ සිටීම

තුල: උත්පත්ති41:38, ගණන්කතාව27:18, දානියෙල්4:8

මත: 1සාමුවෙල්10:9-10, සාවුල්; විනිෂ්චයකාරයින්14:6, සැම්සන්

ඉවතයාම: විනිෂ්චය කාරයින්15:14 සමග විනිෂ්චයකාරයින්16:20

විශේෂ සේවාවන්

නික්මයාම31:3

ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයෙහි ආත්මයාණන්

කන්‍යා උපත තුල

ලුක්1:35, මතෙව්1:20

උන්වහන්සේගේ ජීවිතය තුල-

බෞතීස්ම: ලුක්4:18

පිරීම හා මගපෙන්වීම: ලුක්4:1;

හාස්කම් කිරීමට බලවත්ව සිටීම: මතෙව්12:28

උන්වහන්සේගේ මරණය හා නැවත නැගිටීම තුල

උන්වහන්සේම පුජාවක්ලෙස පුජාවීම: හෙබ්‍රෙව්9:14

ප්‍රේරිතයන්ට උපදෙස් දීම: ක්‍රියා1:2

යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන් එවීමට පොරොන්දු වෙයි

උන්වහන්සේගේ මරණයට පෙරදින රාත්‍රියේදී, යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයින් පාස්කු මේසයේ සිටියදී උන්වහන්සේ ඔවුන්ට මීට පෙර කියා නොතිබු දේවල් කී සේක. උන්වහන්සේ විශේෂ කොට කීවේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ පැමිණීම සහ උන්වහන්සේ කරන්නට යන ක්‍රියා ගැනය.

කියවන්න යොහාන්14:16-18

මන්ත්රීවරයාණෝ: parakletos, “ කෙනෙකුට ආධාර වන පිණිස සිටින කෙනා” එම තැනැත්තා නීති උපදේශකයෙක්, මැදිහත්කාරයෙක්,හෝ බේරුම්කාරයෙක් හෝ විය හැකිය.1යොහාන්2:1හි එය යොදා ඇත්තේ යේසුස්වහන්සේටය.ආත්මයාණන්ගේ කාර්ය වනුයේ යේසුස්වහන්සේ මෙහි, පොළොවේ මනු කයක් තුල සිටින විට කළාක් මෙන් ඇදහිලිවන්තයාට දෙවියන්වහන්සේ ඉදිරිපත් කිරීමය. වෙනත් යන වචනය සඳහා, වචන දෙකක් ඇත. එකකින් කියන්නේ වෙනත් වර්ගයක කෙනෙක්.

isone යන වචනයෙන් කියන්නේ එම වර්ගයේම යනුය. යෙසුස්වහන්සේ ස්වර්ගයට ආපසු යමින් සිටියා, නමුත් උන්වහන්සේ සහ පියාණන්වහන්සේ ඇදහිලිවතුන් සමග මෙම පොළොවේ සිටීමට වෙනත් පුද්ගලයෙකු ඒවීමට සිටියා. වෙනත් පුද්ලයෙකුගේ වෙනස වනුයේ උන්වහන්සේලා සමග සිටි ශුද්ධාත්මයාණන්වහන්සේ, යේසුස්වහන්සේ තුල වැඩ සිට, යේසුස්වහන්සේ ස්වර්ගයට ආපසු යාමය. යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්, එනම් සත්‍යතාවයේ ආත්මයාණන් නම් පුද්ගලයා තුල නිතර වැඩ සිටින සේක. කෙසේවුවද මේ වෙලොවේ යේසුස්වහන්සේ මෙන් සියළු මිනිසුන්ට දෙවියන්වහන්සේ විද්‍යාමාන වන්නේ නැත. ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණි කල, උන්වහන්සේගේ මෙවර ප්‍රථමික වශයෙන් ඇදහිලිවතුන්ටය. උන්වහන්සේ ලෝකයේ තරංග ආයාමය මත ක්‍රියාත්මක වන්නේ නැත.

කියවන්න යොහොන්14:25-26

අපට නවගිවිසුමේ වාර්ථාව විශ්වාස කිරීමට හැකිවීමට හේතුව මෙයයි. ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු දේවල් උගන්වන බවටත්, යේසුස්වහන්සේ ඔවුන්ට උගන්වා තිබු හැමදෙයක්ම සිහිගන්වන බවටත් තම ගෝලයින්ටපොරොන්දු වී සිටි සේක. නව ගිවිසුමේ දිව්‍යමය කතුවරයා උන්වහන්සේ පරණ ගිවිසුමේදී වාගේම, ශුද්ධාත්මයාණන්වහන්සේය.

කියවන්න යොහාන්16:5-15.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මෙහි විස්තර කළ මෙහෙවරෙහි ප්‍රධාන අංග තුනක් තිබේ.

ලෝකයට: පාපය ඒත්තු ගැන්වීම, ධර්මිෂ්ඨකම හා විනිෂ්චය.

වරද ඒත්තුගැනීම යනු සත්‍යය ඒත්තු ගැනීමට කරුණු දැක්වීම හෝ අනාවරණය කිරීම.

පාපය ඒත්තු ගැනීම

ආත්මයාණන් මනුෂ්‍යයින්ට නිකම්ම වරද තබන්නේ නැත; උන්වහන්සේ දෙවියන්වහන්සේ හමුවේ ඔවුන්ගේ ලජ්ජාව හා කරගත හැකි දෙයක් නැතිකම වටහාගත හැකිවන පරිදි වරදෙහි බේරීමට බැරි සංවේදනයක් ඔවුන්ට ගෙනදෙන සේක. දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට විරුද්ධව දෙවියන්වහන්සේගේ නඩුව දෙවියන්වහන්සේට ඉදිරිපත් කර ලජ්ජාවට පමුණුවන නීතිඥයා ශුද්ධාත්මයාණන්වහන්සේය. මනුෂ්‍යයා වරදට පත් කරන ඉහළම පාපය විශ්වාස නොකිරීමයි. මෙය සුභාරංචිය හා එය ඉදිරිපත් කරන ගැළවුම්කරු මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක්ය.

ධර්මිෂ්ඨකම ඒත්තු ගැනීම

පාපය අර්ථ දක්වන, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් මනුෂ්‍යයාගේ පාප ස්වභාවයත් අතර පවතින අසීමිත පරතරය දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ කමෙහි ප්‍රමිතියක් ලෙස ආත්මයණන්වහන්සේ පැහැදිලි කරයි. එම පරතරය පියවීම මනුෂ්‍යයාට තමා විසින්ම කරගැනීමට පුළුවන්කමක් නැත. යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙහි සම්බන්ධතාවය උන්වහන්සේගේ නැවතනැගිටීම හා ස්වර්ගයටනැගීම යන කරුණ, යොමුකරන්නේ පාපයට කමාව දෙනු ලැබීම සහ දෝෂමුක්ත කිරීම, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ සේවකයා විසින් කරනු ලබන බවටය.

විනිෂ්චය ඒත්තු ගැන්වීම

ධර්මිෂ්ඨකමෙහි ප්‍රමිතීන් උල්ලංඝනය වනවිට, විනිෂ්චයක්, වරදට පත්කිරීමක් ඇත්තේය.

කුරුසිය මත යේසුස්වහන්සේගේ මරණය, පසුදා වරදට පත්කිරීම හා “මේ ලෝකයේ කුමාරයා”, සාතන්ට පරාජය ගෙන එන්නට ඇත. වරදට පත්කළා යන වචනය කාලාර්ථයෙන් සමථවු බවක් ප්‍රකාශ වෙයි. සාතන් දැනටමත් ස්ථිර සදාකාලික විනිෂ්චයක් යටතේය. එයින් කියවෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අදහානොගන්නා අයටද එම ඉරණමෙන් බේරීමට පුළුවන්කමක් නැති බවය.

ආත්මයාණන්වහන්සේගේ ඒත්තුගැන්වීමේ ක්‍රියාව යනු, ක්‍රිස්තුස්වහන්සේ තම පුද්ගලික ගැළවුම්කාරයා ලෙස පිළිගත්තත් නැතත් එය සත්‍ය ලෙස පිළිගැනීමට හැකි වන පරිදි ශුභාරංචියේ සත්‍යතාවය, ගැළවීම නොලැබු පුද්ගලයෙකු හමුවේ පැහැදිලි ආලෝකයක තැබීමය. ඒත්තු ගැන්වීම යනු ආත්මය ගැළවීම නොව, පණිවිඩය පැහැදිලි කිරීමය.

ගෝලයින්ට: මග පෙන්වීම හා සත්‍යය

යේසුස් වහන්සේ උන්වහන්සේගේ මිත්‍රයින්ට තව බොහෝ දේවල් කීමට ඇති නමුත් ඒවා පිළිගැනීමට ඔවුන් පරිනත මදි බව කීසේක. ශුද්ධාත්මයාණන්වහන්සේ උන්වහන්සේට

දීමට ඇති සියල්ල ගැන පුර්ණ අවබෝධයක් තුලට ගෙනඒමට මග පෙන්වන්නට ඇත. ඔවුන් දැනටමත් ඉගෙනගෙන ඇති මුලධර්ම නොකඩවා සංවර්ධනය කරන සේක. උන්වහන්සේ පැමිණෙන සිදුවීම් ගැන උගන්වන්නට ඇත. ඔවුන් ගේ ආත්මික වර්ධයේ ප්‍රමාණයට උන්වහන්සේ සත්‍යය එළිදරව් කරන්නට ඇත. උන්වහන්සේ නොදන්නා අනාගතය තුලට මගපෙන්වන්නෙක් වන්නට ඇත.

යේසුස්වහන්සේට:

උන්වහන්සේ පරීක්ෂා කිරීමට

යොහාන්15:26

උන්වහන්සේ මහිමවත් කිරීමට

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප්‍රධාන කටයුත්ත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එළිදරව් කිරීම හා මහිමවත් කිරීමයි. උන්වහන්සේගේ අරමුණ තමාම ප්‍රමුඛ බවට පත්කර ගැනීම නොව, ශුද්ධස්ථානය තුල වු පහන් රුක මත අදෘෂ්‍යමාන තෙල් වලින් මහිමත්වී දැල්වෙන පහන් ආලෝකයෙන් එළිදරව් කළාක් මෙන්, යේසුස් නම් පුද්ගලයා විශාල කර, එළිදරව් කර මහිමවත් කිරීමයි. සමහරවිට අප ශුද්ධාත්මයාණන් වැඩි වැදගත්කමක් දී යේසුස්වහන්සේ අවම කරනවා එය ශුද්ධ ලියවිලි වලට අනුකූල නොවන දෙයකි. මෙය කරන ඕනෑම ආගමික ව්‍යාපර වලින් ප්‍රෙවේසම්වන්න.

ගැළවීමෙහි ආත්මයාණන්වහන්සේගේ කාර්ය භාරය

ප්‍රති උත්පාදනය (තීතස්3:5)

මෙය ක්‍රිස්තුස්වහන්සේ අදහාගන්නා කෙනෙකුට සදාකාලික ජීවනය බෙදා දෙන දෙවියන්වහන්සේගේ අධිස්වාභාවික ක්‍රියාවයි: නව ස්වභාවය (2කොරින්ති5:17)

ඇතතුලාන්ත වැඩ සිටීම ( 1කොරින්ති6:19)

ආත්මයාණන්වහන්සේ සෑම ඇදහිලිවන්තයෙකු තුලම, ඔහුගේ ආත්මික තත්වය වැඩසිටින සේක. කොරින්තිවරු සිහියට ගන්න- 1කොරින්ති3:3;

(ලෝකාකාරයෙන්, ලෞකික) 5:1;(අසභ්‍ය), 6 (මිසදිටු උසාවි වල නඩු අසන)

ශුද්ධාත්මයාණන් නොසිටීම ගැළවීම නොලැබ ඇති බවට සාක්ෂියකි.රෝම8:9

ඇදහිලිවන්තයෙක් තමා තුල ශුද්ධාත්මයාණන් වැඩ සිටින බව දැනගන්නේ කොහොමද?

  • දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරන්න යොහාන්14:16-17
  • සාක්ෂි සඳහා කිතුණු අත්දැකීම. ඔබ වර්ධනය වෙමින් සිටිනවාද?

ඔබ තවත් පාපයට සංවේදීද? බෞතීස්මවීම (1කොරින්ති12:13)

ඇදහිලිවතුන් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුල තැබීම.

එය සියලුම ඇදහිලිවතුන් සඳහා

එක්වරක් පමණක්. සාක්ෂි සඳහා සළකුණු නැත.

මුද්‍රා කිරීම ( එපීස4:30)

පියාණන්වහන්සේ සෑම ඇදහිලිවන්තයෙක්ම ශුද්ධාත්මයාණන්ගෙන් මුද්‍රා කර තිබෙනවා. 2කොරින්ති1:22; එපීස1:13;4:30

සංකල්පය අයිතිකාරිත්වය, අධිකාරිත්වය සහ ආරක්ෂාව යන අදහස් ඇතුලත්ය. මිදීමේ දවස දක්වා අපි දෙවියන්වහන්සේගේ අයිතිය හා අරක්ෂාව ලෙස සිටින්නෙමු. එම මුද්‍රාව කැඩිය හැක්කේ දෙවියන්වහන්සේට පමණය. උන්වහන්සේ අප සුරක්ෂිතව ස්වර්ගයට ගෙන යන බවට පොරොන්දු වී තිබෙනවා.

සහතිකවීම: (2කොරින්ති5:5, එපීස1:13බී14)

අපට ශුද්ධාත්මයාණන්වහන්සේ සිටිනවා යනු ගැළවීම සමග වෙනත් සෑම දෙයක්ම ලැබෙන බවට දෙවියන්වහන්සේගේ සහතිකවීම අපට තිබෙනවා. උන්වහන්සේ අත්තිකාරමයි. ඉතිරිය නිෂ්චිතයි. මෙය අපට දියයුතු කෙතරම් සහතික වීමක්ද!

ඇදහිලිවතුන් තුල ආත්මයාණන්ගේ කාර්යය

උන්වහන්සේ ආත්මික දීමනා දෙයි: සේවය සඳහා දෙවියන්වහන්සේගෙන් ලැබෙන හැකියාවන්

1කොරින්ති12:7-11

දෙන දීමනවන් මොනවාදැයි කියා තෝරන්නේ උන්වහන්සේය. උන්වහන්සේ පරම බලධාරියාය. සෑම කෙනෙක්ම අන් අය ශරීරය තුල ගොඩනැගීමට සුදානම් කිරීම සඳහා යම් දෙයක් දෙනු ලබයි.

1කොරින්ති12:27-30

කිවෙකුට සියලුම දීමනා නැත. සෑම කෙනෙකුටම දී ඇති එක දීමනාවක් නැත.

උන්වහන්සේ පිරෙන සේක ( එපීස5:18).

“පිරෙමින් පවතින්නේය, ආත්මයාණන්වහන්සේ විසින් පාලනය කරමින් ඇත්තේය. අප සැබෑ කිතුණු ජීවිතයක් ගතකිරීමට යනවා නම් ආත්මයෙන් පිරීම ඉතා අත්‍යවශ්‍යය. (ක්‍රියා2:4, 4:31).

කොහොමද?

1.දෙවියන්වහන්සේගේ භාවිතය හා පාලනය සඳහා තමාම කැපවන්න (රෝම12:1-2).

2. ආත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න(එපීස4:30).

3. ආත්මයාණන්වහන්සේ මත රඳා පවතින්න. හැසිරීම රඳාපැවතීමේ ජීවිතයකි.(ගලාති5:16)

පිරෙමින් සිටීමේ ප්‍රතිඵල

එපීස5:18-21: නමස්කාරය, ප්‍රතිඵල, ගී ගායනය, ස්තුතිවන්තවීම,අවනතවීම, සේවය.

ගලාති5:22-23: ක්‍රිස්තුස්වහන්සේ වාගේ චරිතය

උන්වහන්සේ උගන්වනසේක ( යොහාන්14:25).

උන්වහන්සේ උගන්වන්නේ කෙසේද? උන්වහන්සේ ශුද්ධ ලියවිලි එළිය කරන සේක. උන්වහන්සේ ඒවා ජීවමාන කර අපේ විශේෂිත තත්වට ව්‍යවහාර කරන සේක. උන්වහන්සේ පොත්, දේශන, පාඩම්, සහ වෙනත් අයගේ උපදේශන භාවිතා කරනවා ඇත. උන්වහන්සේ ඔබගේ හදවතට ඇතුලාන්ත හඬකින් කථා කරන සේක. නමුත් උන්වහන්සේ කිසිවිටෙක වචනය පරස්පර විරෝධී කරන්නේ නැත. “කෙනෙක් මෙය කිරීමට දෙවියන්වහන්සේ මට මට මෙය කරන්නැයි කීවා” යයි කියනවිට, හා එය ශුද්ධ ලියවිල්ලට පටහැනි වන විට, ඔවුන් රැවටිලිකාරයෝත් බොරුකාරයෝත්ය. සියල්ල බයිබලය සමග පරීක්ෂාකර බලන්න.

උන්වහන්සේ මගපෙන්වන සේක. රෝම8:14).

උන්වහන්සේ ශුද්ධ ලියවිල්ල තුලින්, අවස්ථා තුලින්, අන් අය තුලින්, මග පෙන්වන සේක. නමුත් බොහෝසේ උන්වහන්සේගේ සමාදානය තුලින් අපේ හදවතට මග පෙන්වන සේක (කොලොස්සි3:15)

උන්වහන්සේ සහතිකවම දෙන සේක (රෝම8:16).

අප සැබවින්ම දෙවියන්වහන්සේගේ දරුවන් බව ශුද්ධාත්මයාණන්වහන්සේ සහතික කරන සේක. අපට උන්වහන්සේගේ වැඩසිටීම තුලට පැමිණ අබ්බා පියාණෙනි යයි හඬගැසීමට පුළුවන.

උන්වහන්සේ යාඤා කරන සේක(රෝම8:26).

මම යාඤා කරන්නේ කෙසේදයි හෝ යාඤා කරන්නේ කුමක්දැයි නොදන්නාවිට ශුද්ධාත්මයාණන්වහන්සේ මැදිහත්වී මාගේ යාඤා තෝරා දෙන විටඑය මට විශ්වාස කළ නොහැකි සුවපහසුවකි. උන්වහන්සේ මගේ දුර්වලකම දන්නාසේක. උන්වහන්සේ දඬුවම් නියම කරන්නේ නැහැ. දොස් කියන්නේවත් අත්හරින්නේවත් නැහැ. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව මා වෙනුවෙන් මැදිහත්කම් කරන සේක. දෙවියන්වහන්සේගේ කැමැත්තද මගේ ජීවිතයට සැබවින්ම අවශ්‍ය සියල්ලයි. මා නොව උන්වහන්සේ සතුටු කරන්නට මගේ හදවත පිළියෙල කරගන්නේ නම් එම කැමැත්ත මට එළිදරව් කරන්නේ උන්වහන්සේය.

අවසානය

අපට කෙතරම් ශුද්ධාත්මයාණන් අවශ්‍යදැයි ඔබ දුටුවාද? උන්වහන්සේ මෙහි අප සමග නොසිටිනාවා නම් දෙවියන්වහන්සේ දුරස්ථ වනවා ඇත. අපේ ගැළවීම හා ආරක්ෂාව ගැන අපට සහතිකයක් නොමැතිවනවා ඇත. අප ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීමක් කිසිවිටෙක නොදකිනවා ඇත. දෙවියන්වහන්සේගේ ලෝකය අප තේරුම් නොගන්නවා ඇත. දෙවියන්වහන්සේගේ වැඩ සිටීමවත් උන්වහන්සේගේ ප්‍රේමය සහතික වීමක්වත් අපට නොදැනෙනවා ඇත. අප සැබවින්ම උන්වහන්සේට අයිති බව සහතික කරගැනීමට නොහැකිවනවා ඇත. අප පාපයට වැඩි සංවේදනයක් ඇති නොවිය හැක. අප කිතුණු චරිතයයෙහි වර්ධනය නොවනවා විය හැක. අපට කාර්යක්ෂමව හා ප්‍රීතියෙන් ස්වාමීන්වහන්සේට සේවය කිරීමට නොහැකිවනවා ඇත. නමුත් අපට උන්වහන්සේ සිටින අතර වඩාත් ඵලදායි ප්‍රීතිමත් ජීවිතයක් ඇතිව, සුරක්ෂිතව අපේ කැමැත්ත උන්වහන්සේගේ පාලනය යටතට අප විසින්ම උන්වහන්සේගේ අත්වලට භාර වීමට හැකිය.

අධ්‍යයන ප්‍රශ්න

කියවන්න 1කොරින්ති2:10-11; එපීස4:30; 1කොරින්ති12:11; රෝම8:26; ක්‍රියා8:39

1. උන්වහන්සේ බලයක් හෝ දෙයක් හෝ නොව පුද්ගලයෙක් බව ඔප්පු කරන ශුද්ධාත්මයාණන්ට ඇති ලක්ෂණ මොනවාද? පුද්ගලයෙකුට පමණක් කළ හැකි, උන්වහන්සේ සිදු කරන ක්‍රියා මොනවාද? මෙය තේරුම්ගැනීමේ ඇති වැදගත්කම කුමක්ද?

කියවන්න 1කොරින්ති2:11-12; ගීතාවලිය139:7; යොහාන්3:5-6; ලුක්1:35; ගීතාවලිය104:30

2. අත්මාණයන්වහන්සේට ලබාදී ඇති දෙවියන්වහන්සේගේ ස්වභාවයන් මොනවාද? උන්වහන්සේට ලබාදී ඇති, දෙවියන්වහන්සේට පමණක් කළ හැකි ක්‍රියා මොනවාද? උන්වහන්සේ ක්‍රියා5:3-4 හි කියා ඇත්තේ මොනවාද? මෙය වැදගත්වන්නේ ඇයි?

කියවන්න මතෙව් 28:19;2කොරින්ති 13:14

3. මෙම පද වලින් ශුද්ධාත්මයාණන් දෙවියන්වහන්සේ හා සමාන බව තවදුරටත් ඔප්පු කිරීමට දී ඇත්තේ මොනවාද?

කියවන්න යොහාන් 14:25-27;1526; 16:5-15

4. යේසුස්වහන්සේ ආත්මයාණන් එවන බව කියන්නේ කවුද? යේසුස්වහන්සේට කියන්නේ කුමක්ද? ආත්මයාණන් ගෝලයින් සඳහා කුමක් කරනවා ඇතැයි උන්වහන්සේ කීවාද? හැමවිටම ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවල අරමුණ කුමක්ද?(යොහාන්16:13-15)

කියවන්න යොහාන්16:8 තීතස්3:5; 1කොරින්ති6:19;12:13; එපීස4:30

5. අපේ ගැළවීම තුල ශුද්ධාත්මයාණන්වහන්සේගේ කාර්ය කුමක්ද? මෙම එකිනෙක ක්‍රියා වලින් කියන්නේ මොනවාද? මෙය දෙවියන්වහන්සේ සමග ඔබේ ඇති සම්බන්ධතාවය ගැන ඇත්තේ කුමන සහතිකයක්ද?

කියවන්න 1කොරින්ති12:8-10;එපීස5:18; යොහාන්16:12-15;රෝම8:14,16,26

6. ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයාගේ ජීවිතය තුල කරන්නේ මොනවාද? උන්වහන්සේ සේවය සඳහා අප සුදානම් කරන්නේ කෙසේද? දේව වචනයයෙහි අපගේ අවබෝධය තුල උන්වහන්සේගේ කොටස කුමක්ද? උන්වහන්සේ අපට ආරක්ෂාව දෙන්නේ කෙසේද? උන්වහන්සේ අපේ යාඤා තෝරා ගන්නේ හා හා ඒවා බලවත් කරන්නේ කෙසේද?

7. ඔබේ ක්‍රිස්තියාණි ජීවිතයේ දැක්ම කෙරෙහි ශුද්ධාත්මයාණන් යන පුද්ගලයා සහ උන්වහන්සේගේ ක්‍රියා ඔබ කෙසේ තේරුම් ගන්නේද? ඔබේම බලයෙන් ඔබ දේව භක්තික ජීවිතයක් ගතකිරීම දෙවියන්වහන්සේ බලාපොරොත්තු නොවන බව ඔබ දකිනවාද? ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුල ක්‍රියා කිරීමට ඉඩදීම සඳහා ඔබ කළයුත්තේ මොනවාද?

සම්බන්ධිත මාතෘකා: ප්‍රාණ වේදය ( ශුද්ධාත්මයාණන්), විෂය මාලාව

Related Topics: Curriculum, Pneumatology (The Holy Spirit)

Report Inappropriate Ad