MENU

Where the world comes to study the Bible

කිතුණු ඇදහිල්ලේ මුලධර්ම-4 යේසුස් ක් රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේය

Related Media

යේසුස්වහන්සේ මනුෂ්‍ය, නමක් සහ පවුලක් ඇතිව සිටි ගලීලයේ යුදෙවිවෙක්ය, වෙනත් ඕනෑම කෙනෙකු ආකාරයේ පුද්ගලයෙක්ය. නමුත් වෙනත් විධියකින් උන්වහන්සේ මෙතෙක් පොළොවේ සිටි ඕනෑම කෙනෙකුට වඩා වෙනස් කෙනෙක්ය. මෙම “වෙනත් ඕනෑම කෙනෙක් මෙන්ය, “යම් වෙනස් කෙනෙක්ය යන මත දෙක අතර සමබරතාවයක් සදහා එකගතාවයකට පැමිණීමට කිතුණු සභාවට ක්‍රියාකාරී සංවාදයක යෙදීමට ශත වර්ෂ පහක් ගතවිය. කිතුණු සභාව තුලද සාමාන්‍ය කිතුණු සංස්කෘතිය තුලද මෙම කාරණා මතු කිරීමේදී නොවැලක්විය හැකි ලෙස වෙනස් කෙනෙකු යන මතය දෙසට නැඹුරුවක් තිබුනේය. පැස්කල් කී පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍යයෙක් යයි එය ප්‍රතික්ෂේප කළ අයට පෙන්වාදීම උන්වහන්සේ දෙවියන්වහන්සේ යයි පෙන්වාදීම සභාවට වඩා අමාරු දෙයක් වුයේය. - පිලිප් යැන්සෙ

යේසුස්වහන්සේ යනු කවුද? උන්වහනසේ දිව්‍ය මනුෂ්‍යයා නිසා උන්වහන්සේ අද්විතීයය.

නමුත් එය සරලව ප්‍රශ්නයකින් තොරව පිළිගැනීමට ඇති අප මත පැටවු ලබිධියක් නොවේ. එය බයිබලයේ සාක්ෂි වලට පිටතින් වර්ධනය වන නිගමනයකි. බොහෝ කරුණු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේය යන නිගමනය පෙන්වා දෙති. තවත් බොහෝ කරුණු උන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යයෙක් යන නිගමනයට මග පෙන්වයි. එතුමන් තුල ඇත්තේ හීන නොවන දේවත්වයක් හා පුර්ණ මනුෂ්‍යත්වයේ ඒකත්වයකි - චාර්ල්ස් රයිරි

ඔබ කිසියම් කෙනෙකු සමග උන්වහන්සේ ගැන සාකචිජා කර ඇත්නම්, ශුද්ධ ලියවිලි මගින් ඔබගේ ඒත්තු ගැන්වීමි ඔප්පු කිරීමට හැකිවුනාද?

මුල් සභාව කාලයට යනවිට වෙනස් මත පවතිනවා.

සමහර මිනිසුන් උන්වහන්සේගේ දේවත්වය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සමහරු උන්වහන්සේගේ මනුෂ්‍යත්වයේ යථාර්ථය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සමහරු දෙවි කෙනෙක් ලෙස උන්වහන්සේට පහත් ස්ථානයක් දී තිබෙනවා, උදා: යෙහෝවාගේ සාක්ෂි කාරයෝ. සමහරු උන්වහන්සේ නිකමිම මිනිසෙක්, යහපත් මිනිසෙක් යයි කියනවා. තම ඒත්තු ගැන්වීමි උදෙසා දිවි පිදු ශ්‍රේෂ්ඨ මිනිසෙක් යයිද එවැනි දේ අපට ආදර්ශයක් යයිද කියනවා.(අද්වෛතවාදීන්)

යේසුස්වහන්සේ සමිපුර්ණයෙන්ම දෙවියන්වහන්සේද?

ශුද්ධ ලියවිල්ල අපේ එකම තොරතුරු මුලාශ්‍රයයි. දෙවියන්වහන්සේගේ හුස්ම හෙළා ඇති නිසා එහි මුල් අත්පිටපත් වල වැරදීමි නොමැති බව අප ඉගෙනගෙන තිබෙනවා. එබැවින් යේසුස්වහන්සේ ගැන බයිබලය කියන දේ සත්‍යය වන අතර එය අපට විශේෂිතවු මත වලට ගැළපෙන පරිදි සංස්කරණය කිරීමට නුපුළුවන.

නිෂ්චය කළ හැකිවන යම් ප්‍රශ්න බයිබලයෙන් අසමු.

ක්‍රිස්තුස් වහන්සේ බෙතලෙහෙමෙහි ඉපදීමට පෙර, යම් පැවැත්මක්ව සිටියාද?

කියවන්න: මීකා 5:2 සහ කොලොස්සි 1:16-17

යොහාන්8:58: “ආබ්‍රහම්ට පළමු වෙන් මම සිටියෙමි"

පරණ ගිවිසුම හා අළුත් ගිවිසුම යන දෙකෙහිම දෙවියන්වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ පොළොවට පැමිණ අපේ මනුෂ්‍යත්වය බෙදාගැනීමට පෙර සිටිය බව පැහැදිලිව සදහන් වෙනවා. උන්වහන්සේ සියලු දේවල මැවුම්කරු හා පෝෂකයාණන්ය.

යේසුස්වහන්සේ කිසිවිටෙක තමා දෙවියන්වහන්සේ වීමට ඉල්ලා සිටියාද?

යේසුස්වහන්සේ කිසිවිටෙක දෙවියන්වහන්සේ වීමට ඉල්ලා නොසිටිය නමුත් උන්වහන්සේගේ ගෝලයින් උන්වහන්සේගේ මරණයෙන් පසු මිත්‍යාවක් ප්‍රබන්ධ කළ බව කියන සමහරු සිටිනවා. නමුත් එම ප්‍රකාශනය ශුද්ධ ලියවිලි වල සාක්ෂි වලට එහෙම පිටින්ම පටහැනි වේ. එතුමාගේ කාලයේ යුදෙවිවරු උන්වහන්සේ කීදේ සමිපුර්ණයෙන් තේරුම්ගෙන තිබුනා.

කියවන්න යොහාන් 5:18

ඔවුන් කුපිත කරවීමට තරම් උන්වහන්සේ කී‍වේ කුමක්ද?

"මමද පියාණන්වහන්සේද එක්කෙනෙක්ය. " (යොහාන්10:30)

" නුඹලා මා හඳුනනවා නම් නුඹලා මාගේ පියාණන්වහන්සේද මා හඳුනනවා ඇත." (යොහාන්8:19)

" මනුෂ්‍යයෙක් මා දෙස බලන විට, ඔහු මා එවු තැනන්වහන්සේද දකින්නේය. " (යොහාන්12:45)

" යම් කෙනෙක් මා දැක තිබෙනවාද, ඔහු පියාණන්වහන්සේද දැක ඇත. "(යොහාන්14:9)

"මට වෛර කරන තැනැත්තා මගේ පියාණන්වහන්සේටද වෛර කරයි. "(යොහාන් 15:23)

"පුත්‍රයාණන්ට ගෞරව කරන සියල්ලන් පියාණන්වහන්සේට ගෞරව කරති, පුත්‍රයාට ගෞරව නොකරන තැනැත්තේ උන්වහන්සේ එවු පියාණන්වහන්සේටද ගෞරව නොකරයි " (යොහාන්5:23)

නොවරදින බසකින් යේසුස්වහන්සේ පියාණන්වහන්සේ සමග සමානත්වය කියා සිටියි. උන්වහන්සේගේ ජීවිතය සඳහා පරීක්ෂා කරනු ලබන විටදී හා දිවුරවන ප්‍රශ්න කරන විටදී පවා උන්වහන්සේ දහම අත්හැරියේවත් උන්වහන්සේසේගේ අනන්‍යතාවය හීන වීමට ඉඩ හැරියේවත් නැත.

කියවන්න මතෙව්26:63-65

උන්වහන්සේගේ ගෝලයින් උන්වහන්සේ දෙවියන්වහන්සේ බව විශ්වාස කළාද?

පේත්‍රැස්ගේ පාපොච්චාරණය: " ඔබ වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස්වහන්සේය.( මතෙව් 16:16)

උන්වහන්සේ නැවත නැගිටීමෙන් පසු උන්වහන්සේම තෝමස්ට එළිදරව් වන විට තෝමස් කථා කළේ " මාගේ ස්වාමීනි, මාගේ දෙවියන්වහන්ස" කියාය.

උන්වහන්සේ ගේ නැවත නැගිටීමට පෙර උන්වහන්සේ විශ්වාස නොකළ, උන්වහන්සේගේ අර්ධ සොහොයුරු යුදස් උන්වහන්සේට කථා කළේ " යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ එකම මහෝත්තමයාණන් හා ස්වාමීන්වහන්සේ" කියාය.

උන්වහන්සේ දෙවියන්වහන්සේගේ අද්විතීය ගති ලක්ෂණ විදහා පෑවාද?

මාර්ක් 2:12හි, උන්වහන්සේ උන්වහන්සේගේ සර්වඥතාවය සහ පප කමා කිරීමේ බලය විදහා දක්වා ඇත.

යොහාන් 5:25හි උන්වහන්සේ මරණින් නැගිටීමේ පොරොන්දුව දී , තමා පියාණන්වහන්සේ මෙන් ජීවන උල්පත බවත් ලෝකය විනිෂ්චය කිරීමේ බලය ඇති බවත් විදහා පා ඇත.

යොහාන් 15:26හි උන්වහන්සේ ස්වර්ගයට නැගුන පසු අදහන්නන් සමග සිටීමට ශුද්ධාත්මයාණන්වහන්සේ එවන බවට පොරොන්දුවී ඇත.

මතෙව් 28:20හි අප සමග සදාකාලිකව වැඩ සිටින බවට පොරොන්දුවී ඇත.

ශුභාරංචි තුලින් උන්වහන්සේ සිදු කළ හාස්කම් මගින් උන්වහන්සේගේ සර්ව බලධාරිත්වය විදහා පා ඇත. උන්වහන්සේ සෑම ආකාරයකම රෝග සහ ආබාධ සුවපත් කළේය. උන්වහන්සේ කැලඹුන මුහුදට අණ කළේය. උන්වහන්සේ රොටී සහ මාළු වැඩි කළේය. උන්වහන්සේ මළවුන් නැගිටෙවිවේය. උන්වහන්සේ දෙවියන්වහන්සේට පමණක් කළ හැකි වැඩ සිදු කළේය.

උන්වහන්සේගේ දේවත්වය කියා සිටින ප්‍රකාශ අන් අය සනාථ කරනවාද?

කියවන්න මතෙව්14:33. දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙස උන්වහන්සේ නමස්කාර කරනු ලැබ තිබෙනවා. යුදෙව් භාවිතය තුල මෙය මතු කළේ පහත් කිරීමකට වඩා සම කිරීමක් හා ස්වභාවයේ අනන්‍යතාවයක් ලෙසය.

කියවන්න කොලොස්සි2:9. උන්වහන්සේ තුල දේවත්වයේ සම්පුර්ණකම ශරීරාකාරයෙන් වාසය කරන්නේය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් සම්පුර්ණ ලෙසම දෙවියන්සේ බව වක්ක්‍රෝක්තියෙන් තොරව සදහන් කර ඇති තැන් කීපයක් මෙසේය.

කියවන්න හෙබ්‍රෙව්12:3. උන්වහන්සේ දේවත්වයේ නියම ස්වරූපය වු සේක.

කියවන්න එළිදරව් 19:16. "රජුන්ගේ රජ හා ස්වාමීන්ගේ ස්වාමීන්"

උන්වහන්සේ සත්‍යය, උන්වහන්සේ දෙවියන්වහන්සේ වෙතට මාර්ගය, සහ උන්වහන්සේ සදාකාලික ජීවිතයේ උල්පත නිසා පොළොව මත අපේ ජීවිතය හා උන්වහන්සේගේ අතෙහිවු සදාතනික අනාගතය ගැන අපට විශ්වාසය තැබීමට පුළුවන.

උන්වහන්සේ දෙවියන්වහන්සේ නොවේ නම් අපේ ඇදහිල්ල ගොඩනගා ඇත්තේ වැලිඅත්තිවාරමක් මතය. අපට බලාපොරොත්තුව නැත, අපේ පාප තුල අප මැරෙනවා ඇත, අප සියලු මිනිස්සුන්ගෙන් වඩාත් කාලකණ්නි අයයි.

අප පිළිතුරු දියයුතු අනෙක් ප්‍රශ්නය නම්:

යේසුස්වහන්සේ සම්පුර්ණ ලෙස මනුෂ්‍යයෙක්ද?

යේසුස්වහන්සේ සම්පුර්ණ වශයෙන් මනුෂ්‍යෙයක් බවට බයිබලය බහුලව සාක්ෂි දෙයි.

උන්වහන්සේගේ උපත අද්විතීයයයි.

ශරීරයකින් ලොව පහලවීම යනු මාංශය තුලය. දෙවියන්වහන්සේ මනුෂ්යවර්ගයා ආක්රමණය කරන විට, එතුමාගේ පිළිසිඳ ගැනීම සහ බිළිඳකු ලෙස උපත ලැබීම අද්විතීය විය. දේවදුතයෙක් මරියා නම් තරුණ කාන්තාවකට ශුද්ධාත්මයාණන් ඇය කෙරෙහි පැමිණ, ඇය ගැබ් ගෙන පුත්‍රෙයකු බිහි කරන බවද උන්වහන්සේ ශුද්ධ බවද මහෝත්තමයාණන්ගේ පුත්‍රයා වන බවද කීවේය. දේවදුතයන් උන්වහන්සේගේ උපත ලොවට දැන්වුයේය.

උන්වහන්සේගේ ස්වභාවය අද්විතීයයි

යේසුස්වහන්සේට මනුෂ්‍ය ස්වභාවයක් තිබුනේය, නමුත් උන්වහන්සේට පාපී ස්වභාවයක් තිබුනේ නැත. උන්වහන්සේ පාපයෙන් තොරවු අතර එසේ කියා සිටීමට හැකි වෙනත් කිසිම මනුෂ්‍යෙයකු ඇත්තේ නැත.

කියවන්න හෙබ්රෙවි4:15 සහ 2 කොරින්ති5:21

මෙය එතරම් වැදගත් වන්නේ ඇයි? උන්වහන්සේ අප වාගේ තවත් පව්කාරයෙක් වුවා නම් උන්වහන්සේසේට අපගේ ආදේශකයෙක් ලෙස මැරෙන්ට නොහැකි නිසාය. උන්වහන්සේට පුළුවන් වන්නේ උන්වහන්සේගේම පව් උදෙසා මැරීමට පමණය.

අපට අවශ්‍ය වුයේ පාපය නැති ගැළවුම්කාරයෙකි, එම සුදුසුකමට ඉදිරිපත් විය හැක්කේ දෙවියන්වහන්සේට පමණය. උන්වහන්සේගේ පැමිණීමට හේතු වුයේ කුමක්ද?

උන්වහන්සේගේ මනුෂ්‍යත්වයේ ඔප්පු කිරීම්

උන්වහන්සේ අනික් සෑම මනුෂ්‍යෙයක්ම වාගේම පරිනත වුයේය.( ලුක් 2:40,52)

උන්වහන්සේට මනුෂ්‍ය ශරීරයක් තිබුනේය: දැකීම, ඇසීම හා ස්පර්ශය (1යොහාන් 1:1)

උන්වහන්සේට මනුෂ්‍ය ප්‍රානයක් හා ආත්මයක් තිබුනේය. (මතෙව් 26:38, ලුක් 23:46)

උන්වහන්සේ මනුෂ්‍ය නාම ඇතිව සිටියේය, මනුෂ්‍ය පුත්‍රයා, දාවිත්ගේ පුත්‍රයා, යේසුස්.

උන්වහන්සේට බඩගිනි විය. (මතෙව් 4:2).

උන්වහන්සේට පිපාස විය.( යොහාන් 19:28).

උන්වහන්සේට මහන්සි විය.(යොහාන් 4:6)

උන්වහන්සේ ඇඬුවේය.(යොහාන් 11:35)

උන්වහන්සේ හැඟීම් පෙන්වීය.(මාර්ක් 6:34,ලුක්7:13, කරුණාව; 10:14, කෝපය; මාර්ක් 14:34, ශෝකය: යොහාන් 11:5 ආදරය).

උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබීය.( හෙබ්‍රෙව් 4:15).

උන්වහන්සේ යාඤා කළේය.(ලුක් 5:16).

උන්වහන්සේ මැරුනේය (යොහාන් 19:30,33).

උන්වහන්සේ මනුෂ්‍යෙයකු ලෙස පැමිණීමේ අරමුණු

මිනිසුන්ට දෙවියන්වහන්සේ එළිදරව් කිරීමට. (යොහාන් 1:18)

ජීවත්වීම සඳහා ආදර්ශයක් දීමට.(1පේත්‍රැස් 2:21).

මනුෂ්‍යත්වයේ පාප සඳහා පුජාවක් ලෙස මිය යාමට. (හෙබ්‍රෙව් 10:1-10)

උන්වහන්සේට කරුණාවන්ත උත්තම පුජකයා වීමට හැකිවන පිණිස. (හෙබ්‍රෙව් 4:15-16).

යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීමට. ( 1යොහාන් 3:8).

මරණයේ බිය බැම්මෙන් අප මුදවා ගැනීමට. ( හෙබ්‍රෙව්2:14-15)

ලෝකයේ ගැළවුම්කරු වීමට. (1යොහාන්4:14).

මෙය විය හැක්කේ කෙසේදැයි පැහැදිලි කර ගැනීමට උපකාර වන අප බැලිය යුතු තව එක ජේදයක් තිබෙනවා.

කියවන්න පිලිප්පි 2:5-11)

උන්වහන්සේ තමන් විසින්ම කිසිවක් සෑදුවේවත් තමන් විසින්ම කිර්තියක් ගොඩනගා ගත්තේවත් නැත. ඇම්ලිෆයිඩ් බයිබල් අනුවාදයෙහි "උන්වහන්සේ, උන්වහන්සේ විසින්ම හිස්" වු බව කියයි.

ක්‍රිස්තුස්වහන්සේ පොළොවට එනවිට උන්වහන්සේ දේවත්වයේ සමහර අංග හෝ අංග සියල්ලම හෝ හිස් කළාද?

හිස් කිරීම යනු ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දිව්‍යමය ගති ලක්ෂණ සමහරක් පොළොවේ උන්වහන්සේගේ ජීවිත කාලය තුලදී අත්හැර දැමුවාද නැතහොත් නැති වුනාද, අප දැනටමත් බලා ඇති වෙනත් ශුද්ධ ලියවිලි එම මතයට පටහැනි වෙත්. මෙම ජේදය කියන්නේ මනුෂ්‍ය ශරීරය හා ස්වභාවය ගැනීමෙන් සහ අපරාධ දඬුවමක් හැටියට කුරුසිය මත මරණයට පත්වීමෙන් උන්වහන්සේම යටහත් වු බවයි. මෙයින් කියන්නේ උන්වහන්සේගේ දේවත්වයෙහි අඩුවක් වී නැති බවයි. නමුත් මනුෂ්‍යත්වය එහි ඵල විපාක වල සීමාවන් සමග එක් කරගෙන ඇති බවයි.

ක්‍රිස්තුස්වහන්සේගේ මුර්තිමත්වීමේ මහිමය වැසී තිබීමේ සංකල්පය (යොහාන් 17:5), පාපී මාංශයේ ආකාරය වන අවමානයට පත්වීමඋන්වහන්සේම ගැනීම, (රෝම 8:3) උන්වහන්සේගේ පොළොවේ ජීවිත කාලය තුලදී උන්වහන්සේගේ සමහර දේවත්ව ලක්ෂණ ස්වේචිජාවෙන්ම පාවිච්චි නොකර සිටීම ආදිය සමග සම්බන්ධිතය. (මතෙව් 24:36). උන්වහන්සේගේ මනුෂ්‍යත්වය මහිමයට පත්වු මනුෂ්‍යත්වයක් නොව, පරීක්ෂාව, දුර්වලකම, වේදනාව හා ශෝකයට ලක්වු මනුෂ්‍යත්වයකි. උන්වහන්සේගේ දේවත්වයේ ගති ලක්ෂණ පාවිච්චි නොකිරීමට තෝරාගැනීම ඒවා අතහැර දැමුවා යයි කියනවාට වඩා ඉතා වෙනස්ය. පාවිච්චි නොකිරීම යනු අඩුකරදැමීමක් නොවේ- රයිර් පිටු අංක 58, 59.

යේසුස්වහන්සේ යනු සැබවින්ම දෙවියන්වහන්සේව හා සැබවින්ම මනුෂ්‍යෙයකුව සිටිය සහ සිටින, හීන නොවන දේවත්වය සහ පරිපුර්ණ මනුෂ්‍යයත්වය සදාකාලිකව එක පුද්ගලයෙකු තුල තිබීමයි.

සී.එස්. ලෙවිස් එය හො‍ඳින් සටහන් තබයි.

මිනිසුන් බොහෝවිට උන්වහන්සේ ගැන කියන, ඇත්ත වශයෙන්ම මේ මෝඩදේ කිසිවෙක් කීමෙන් වැලැක්වීමට මම මෙහි උත්සහා ගන්නවා. එනම්: මම යේසුස්වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් යයි පිළිගැනීමට සුදානම්, නමුත් "උන්වහන්සේ දෙවියන්වහන්සේ යයි කීම මා පිළිගන්නේ නැහැ. " එසේ කීම නොකිව යුතු එක් දෙයක්ය. නිකම්ම මිනිසෙක්ව සිට යේසුස්වහන්සේ කියු ආකාරයේ දේවල් කීම‍, ශ්‍රේෂ්ඨ සදාචාර ගුරුවරයෙක් නොවනවා ඇත. උන්වහන්සේ මඳ ගින්නේ තම්බාගත් බිත්තරයක් යයි කියන කෙනකු හෝ උන්වහන්සේ අපායේ යක්ෂයා වෙන්නට ඇතැයි කියන කෙනෙකුගේ මට්ටමෙන් උන්වහන්සේ උන්මත්තකයෙකු හෝ පිස්සෙකු වුවා විය හැක. ඔබ ඔබේ තෝරාගැනීම කළ යුතුයි. එනම් මේ මිනිසා දෙවියන්වහන්සේගේ පුත්‍රයා වුවා හෝ වනවා නැත්නම් පිස්සු මිහෙක් හෝ වඩා නරක යම් දෙයක්. ඔබට ඔහු මෝඩයෙකු ලෙස ගණන් නොගෙන සිටීමට පුළුවන් උන්වහන්සේට කෙල ගසන්න පුළුවන්, යකෙකු සේ මරන්න පුළුවන්, නැතහොත් ඔබට උන්වහන්සේගේ පාද පාමුල වැටී ස්වාමීන්වහන්සේ හා දෙවියන්වහන්සේ යයි කියන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් හැටියට සිටියා යයි ‍වැනි නිරර්ථක වර්ණනා කිරීම් නොකර සිටිමු. උන්වහන්සේ එය අපට විවෘත කර අප හැරදා ගොස් නැත. උන්වහන්සේ එසේ අරමුණු කළේද නැත.

අපේ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ශුද්ධ ලියවිලි කුමක් කියන්නේ දැයි වටහාගැනීම එතරම් වැදගත් වන්නේ ඇයි? උන්වහන්සේ කවුද කියාත් උන්වහන්සේ කළ දේවල් තහවුරු කරන නිසාත්ය.

උන්වහන්සේ අද්විතීය දිව්‍ය- මනුෂ්‍යයා නොවුවා නම් අසාධාරණ ලෙස වද හිංසා වලට ලක්ව දිවිපිදු තවත් එක්කෙනෙක් පමණය. එය කළ වෙනත් බොහෝ දෙනා සිටිනවා උන්වහන්සේ දිව්‍ය- මනුෂ්‍යයාය, උන්වහන්සේ දුක්විඳ, අපගේ පාප උදෙසා අප වෙනුවට මැරී, අපගේ සුභසෙත පිණිස ජයග්‍රාහී ලෙස මරණින් නැගිටුන සේක. ඉන්පසු උන්වහන්සේ ආපසු ස්වර්ගයට නැගුනු සේක. සැකයේ හෙවනැල්ලක්වත් නැතිව අපට උන්වහන්සේ විශ්වාස කිරීමට පුළුවන. උන්වහන්සේගේ සියලු පොරොන්දු විශ්වාස කිරීමට පුළුවන. වැටුනු ලෝකයක ජීවිතය දෙස සදාතනික දැක්මකින් බලන්ට අපට හැකිය. අපට බලාපොරොත්තුව,ධෛර්ය, විපත්තියේදී උද්‍යෝගය, ශෝකය මැද ප්‍රීතිය, අරගල මැද සමාදානය, අපේ ජීවිත සඳහාවු දෙවියන්වහන්සේගේ සැලසුම් තුල ඇදහිල්ල, අන් අය කෙරෙහි ප්‍රේමය, සමාව දීමට පුළුවන්කම, සහ අප කෙරෙහි වු මරණය: අපේ උතුම් දෙවියන්වහන්සේ සහ ගැළවුම්කරු, ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගේ වැඩසිටීම තුලවු සදාතනික මහිමයට ‍දොරටු ඇරීමක් පමණය යන්න ගැන ඒකාන්ත නිසැකකම අපට දෙන්නේ එයයි.

අධ්‍යයන ප්‍රශ්න

කියවන්න යෙසායා9:6; මීකා5:2; යොහාන්8:58; කොලොස්සි1:16

1. දෙවියන්වහන්සේගේ පුත්‍රයා ගැන මෙම බයිබල්පද කියන්නේ මොනවාද? උන්වහන්සේ කැඳවීම කුමක්ද? උන්වහන්සේ කර ඇත්තේ කුමක්ද? උන්වහන්සේගේ ජීවිතය පටන්ගත්තේ කවදාද?

කියවන්න යොහාන්1:18

2. වාඛ්‍යාණෝ (පද1,14)කවුද? ප්‍රකාශ කරනු ලැබුවේ කවුද? උන්වහන්සේ කුමක උල්පතද? මෙම ජේදයෙන් ඔබ උන්වහන්සේ කෙසේ විස්තර කරනවාද?

කියවන්න යොහාන්5:18; 8:19;10:30;14:7,9;12:44; මතෙව්26:63-65

3. යේසුස්වහන්සේ කීවේ තමා කවුරුන් කියාද? උන්වහන්සේ පියාණන්වු දෙවියන්වහන්සේ සමග වු සම්බන්ධතාවය ගැන කීවේ කුමක්ද?

කියවන්න මාර්ක් 2:1-12; යොහාන් 5:27; යොහාන් 15:26; යොහාන් 5:25; මතෙව් 28:18; 28:20;

4. දෙවියන්වහන්සේගේ කුමන චරිත ලක්ෂණ හා පරමාධිකාරයන් යේසුස්වහන්සේ තමා විසින්ම කියා සිටියාද? උන්වහන්සේ කියා දේවල් සත්‍යය නොවුයේ නම් එය අපේ ඇදහිල්ල මත කෙසේ බලපාන්නට තිබුනාද?, අපේ ගැළවීම මත කෙසේ බලපාන්නට තිබුනාද?

කියවන්න යොහාන්1:18; 1පේත්රැස්2:21;හෙබ්රෙව්2:14-15;5:1-2; 10:1-10; 1යොහාන්3:8

5. දෙවියන්වහන්සේගේ පුත්‍රයා මනුෂ්‍යෙයකු බවට පත්වීමේ යම් අරමුණු ලැයිස්තුවක් ලියන්න.

කියවන්න මතෙව්4:2; ලුක්2:40,52; යොහාන්4:6; 11:35;19:28,30,33

6. යේසුස්වහන්සේගේ මනුෂ්‍යත්වය ගැන මෙම බයිබල් පද දෙන සාක්ෂි මොනවාද? යේසුස්වහන්සේගේ සම්පුර්ණ දේවත්වය හා මනුෂ්‍යත්වය තුල අදහාගැනීම අවෂ්‍ය වන්නේ ඇයි?

කියවන්න යොහාන්8:46;2කොරින්ති5:21; 1පේත්රැස් 2:22; හෙබ්රෙව්4:15;1යොහාන්3:5

7. ඉපදුන අනෙක් සෑම පුද්ගලයෙකුටම වඩා ක්‍රිස්තුස්වහන්සේ වෙනස් වන්නේ කොහොමද? මෙය අවශ්‍යය වුයේ ඇයි?

කියවන්න පිලිප්පි 2:6-11

8. මනුෂ්‍යයින් ගැළවීමට පුළුවන් වන පරිදි යේසුස්වහන්සේ ඕනෑකමින් කළේ කුමක්ද? උන්වහන්සේගේ දැන් තත්වය කුමක්ද? සියලු මිනිසුන් අවසානයේදී කුමක් කරයිද? ඔබේ ජීවිතයේ සෑම කාරණයකම ස්වාමීන්වහන්සේ ලෙස ඔබ යටත් කර තිබෙනවාද?

Related Topics: Christology, Curriculum

Report Inappropriate Ad